වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි
==============================
"ඉතිරිව තිබුණේ ආලය කිරීමය; නැති නම් අරගල කිරීමය.මගේ අවාසනාවට මා තෝරාගෙන තිබුණේ ආලය වෙනුවෙන් අරගල කිරීමය."
ඒ අපේ කතානායකගේ තෝරා ගැන්මයි. ඔහුගේ ජීවීත කතාව කියවන අපි ඔහු කවුරුන්දැයි විමසිලිමත් නොවුණ ද ඔහුගේ අභිලාෂයන් වෙනුවෙන් ඔහු හා සිට ගනිමින් සටන් කිරීමට පාඨකයා මෙහෙයවිය හැකි වචන වලට අදෘශ්‍යමාන ජීව ගුණයක් දුන් ශමෙල් ජයකොඩි කතුවරිය කතා නායකයා කවුරුන් දැයි පවා නාමිකව දැන ගැනීමට තෙවන පරිච්ඡේදය දක්වාම අප රැගෙන රහසිගතව ගමනක යෙදේ..
පරිවර්තනයකින් බැහැරව වර්තමානයේ ලියැවෙන නවකතාවක් තුළ කතාව පුරාවේ හමු වන චරිත බොහොමයක ගති ස්වභාවයන් බර සාර ගැඹුරක් සහිතව එකිනෙකාගේ චරිත විග්‍රහයන් ප්‍රධාන චරිතය අනාවරණය කරනවා සේම හෙළිදරව් කිරීමේ වෙහෙසකර සටන ජයග්‍රාහී ලෙස අවසන් කළ කතාවක් බව කිව යුතුය..
මෙතෙක් කියවා ඇති පොත පත අතරේ වීනස්ගේ උපත හා සසැඳුණ තවත් කෘතියක් මතකයේ ඇත. එනම් හිතුවක්කාරී කෘතියයි.. පොත අවසානයේ මුල් පිටුවට දුව ගොස් නැවතත් මෙය ලිව්වේ සැබවින්ම කවර අන්දමේ පුද්ගලයෙක් දැයි විපරම් කිරීමට තරම් පාඨකයා අන්දමන්ද කළ බැවිනි..
එනම් හිතුවක්කාරී කෘතිය තුළ දිග හැරුණු ඒ ඒ ගැහැනු චරිත වල චිත්ත අභ්‍යන්තරය විනිවිද ගියා සේම මෙහි වූ පිරිමි චරිත වල ගූඪ මනෝභාවයන් ශමෙල් ජයකොඩි කියවූ අපූර්වත්වය එපමණට ප්‍රශංසනීය ය. මක් නිසාද යත් ස්වයං චරිත අධ්‍යයනය ක් ඉක්මවා විරුද්ධ ලිංගිකයකු නොව කිහිප දෙනෙකුගේම මනෝභාවය ට එබී බැලීම ඒ ඒ කතුවරුන් සතු නිසැකවම ඉහළ ප්‍රතිභාව ක් වන බැවිනි...
කෙසේ නමුත් අපරාජිත ජීවිතය ක් උදෙසා ගැහැනියක් බිඳ දැමූ , ගැට ගැසූ, හකුළුවා ලූ, විලංගු ලෑ අත පය ඇතිව ජීවිතය හා ගැට ගසා ගත් පරම ආශාවක් අත්විඳිනු වස් දරන සටන කැපවීම මෙන්ම ඇතැම් තැනක වූ ස්වයං පාවා දීම කාන්තාවක් කෙතරම් දුරකට පුරුෂ මූලික සමාජය විසින් තවමත් දීන නිවට ලෙස දකින්නේ දැයි මොනවාට කියයි...
ලෝ ප්‍රකට සිතුවමක් කවර නිර්මාණයක ඔබ්බේ දිග හරින මෙම සමාජ කාරණය කියවිය යුතුව ඇත.
නමුත් ඊට පෙර කියවනු රිසි ඔබට අනතුරු හඟවමි.
✔ මෙය එක හුස්මට කියවිය හැක.නමුත් පලක් නැත. කතාවේ පිටු 316 අතරේ වචනයක් වචනයක් ගණනේ සියුම්ව වියා ඇති දැළ තුළ ඔබ පැටලෙනු නියතය.
✔එහි පිටුවක් කියා දැමීමට සැලකිය යුතු කාලයක් වැය කළ යුතුමය..
✔මන්ද වචන උඩින් උඩින් පැන ගොස් අපට අවැසි කොටස කියවා කතා රස හොයන පාඨකයා එවිට පරදින බැවිනි.
✔මෙහි අත් හළ යුතු වචනයක් ඡේදයක් දැකීමට මම අපොහොසත් වීමී..
✔ඉඳින් ගූඪ පිරිමි හිත් කීපයක් කියවා ගැනීමෙන් ඔබ්බේ "ගැහැනිය" යන්න නිර්ව්‍යාජ විවරණය ක් වූ අපූරුව , රිද්මය ඇතැම්විට ජීවිතයේ මඟහැරුණු , වැරදුණ තේරීම් අභියස , මතක සැමරුම් නිසාවෙන් ම ඔබව මොහොතකට හෝ ඇතුළාන්තයෙන් සසල කරවනු ඇත..හඬවනු ඇත නොඑසේ නම් අද ඔබ සිටින ඉසව්ව ඔබටම පසක් කරවනු ඇත.
📚 සුමුදු අමරසේකර (2019.12.19)📚