Monday, September 18, 2017

චමත්කාරා

    චමත්කාරා....
===============

සුවඳ දිගේ දුවන වුන්ට නුඹ නොපෙනෙන සඳ
පාට සොයා ගාටන නෙත් නොදකින නුඹෙ රුව
සමනල ගී ඇසෙන නුඹේ වතේ කොමල   බව
ගඳපානා ගාලේ  දිව්ව උනුයි දන්නෙ රඟ

එක පොකුරට හිනැහෙන මල් කැකුලියො පිරිවර
පාට කොහෙන් තවරා ගෙන අතු අග ඔච්චම
කැලෑ මලේ නුඹේ රුවට වසග නයන යුග
කියඹු ලතාවේ අතුරා සුරඟන සිහිනෙක


වන බඹරුන්ගේ මියැසිය නුඹට ගැයෙන සඳ 
ඕවිටියේ වන වඳුලේ  සැඟවෙන නුඹෙ වත 
වන අරණේ අරුමැසි රැජිනියයි රුවැති  නුඹ 
ගඳපානා ගාලේ දිව්ව උනුයි දන්නෙ වග....

සුමුදු අමරසේකර (19.09.2017)..✒️











Wednesday, September 13, 2017

Only for you..

Golden eve 
that calling me....
To dance 
on the sandy shore....
Clinging to my love 
Whistling the Windy song....
I wanna hear more...

Stroll in toes 

so long and long....
Whispering a lovely secret....
Beneath A shady bough
Wanna have the sweetest kiss
You emboss .... 

Wanna sending you

Day by day 
A scented rose
Wrapping my love
Only for you....
My soul mate 
Who
Tunes my life song..
With the warmest melody 
I ever heard so far......

Sumudu Amarasekara (13.09.2017)..❤️✒️




Wednesday, September 6, 2017

සසර සෙවනැලි

 

අග මුල ගලපා
ගන්න නොහැකී...
අවසනක් ළඟදී
වේ නම් යෙහෙකී...
අතිර ගමනේ
සළකුණු බොඳවී
නිනව්වක් නැතිවී
මුලාවී සරමී.....
සසර සෙවනැලි දිගේ
පෙර පුරුද්දට වගේ
නිනව්වක් නැතිවී
මුලාවී සරමී.....



සුමුදු අමරසේකර (06.05.2017)...✒️

Tuesday, September 5, 2017

දෝංකාරය


අසමබර ලෝකයේ....
අරගලය අතරත
ජීවිතය පුරවන
නියත
හිස්කම...
දෙවුරේ දරා
වතින් සඟවා
උසුලමින් දෑතින්
සුසුම් මඬිනා....
දෝංකාරය
ඉසිඹුවක
දිය දොවන
දෙපා සිහිලෙන් මුදා..
ගලින් ගල සක්මනේ
යමි යන්න
හිස් දෑස සඟවා..
දෝංකාරය අස අසා .........


සුමුදු අමරසේකර( 05.09.2017)..✒️

Monday, September 4, 2017

තාත්තේ..



පිල් කඩ උඩ ඉඳ තනියේ ඇවිදිනව ද  තාත්තේ ..
හංදිය ළඟ ඇණ තියාන මඟ බලයි ද තාත්තේ ..
සායම ගිය පුස් සරමත් උරපත්තෙ ද තාත්තේ ..
උදේ හවා දහදිය හැලු ගත මහලු ද තාත්තේ ..

අලුත් ලොවක සිරි දැක දැක පුරයේ මම තාත්තේ ..
නුඹ හිස අතගා සනසනු බැරිව හිඳිමි තාත්තේ ..
බොජුන් නැතත් වේලට සරි කුසගිනි නිව් තාත්තේ ..
කඳුළු බිබී මා එන මඟ බලනවා ද තාත්තේ ..

දෙණියෙන්  පිය මන් කරවා ලොව හෙළි කළ තාත්තේ ..
මා සිරගත කළ පුර නුඹගෙන් ඈතයි මගෙ තාත්තේ ..
ගම අමතක නෑ මට තව එනවා මම තාත්තේ ..
මා එනතුරු මඟ බලාන නොඉඳින් නුඹ තාත්තේ ..

හිස අහසට පය පොළවට තිබුණට මගෙ තාත්තේ..
ගෙන්දගම් පොළව වෙනසයි අදහනු බෑ තාත්තේ..
නුඹෙ හීනය මල් පිපිලා හිනැහුණාට තාත්තේ ..
නෑ සුවඳ ක් සුවයක් ලැබ නුඹ නැතිදා තාත්තේ ..

මට අමතක දින ගණනට නුඹ මහලුයි තාත්තේ ..
එනදා මම ගම රට හෙට ඉන්නවාද තාත්තේ ..
නුඹ නොදුටු ව කැකුළු පිපුණු හීනය ගෙන තාත්තේ ..
එනවා මම නුඹ නාඩා ඉනු මැන මගෙ තාත්තේ ..

සුමුදු අමරසේකර

Sunday, September 3, 2017

අම්මේ ...

අම්මේ...

සැවුල් හඬ නැගෙන අපෙ ගම ඈත කොනේ..
දෙණියේ කෙළවරින් මතුවෙන පොඩි අතු වහලේ..
සිහිලයි පෑවුමෙත් නිකිණියෙ මැටි පොළවේ ..
වරිච්චියට බැඳුණයි මිටි බට කිරි කිරියේ....

එබෙන හිරුට අහසින් කල් ඇති හින්දා ..
යන්නට පමා සඳු හා හිනැහෙන හින්දා..
පෑල දොරින් සීතල ගඩු පැන නැංගා..
තට්ට තනියෙ මව් ලිප ළඟ ගිනි පිම්බා....

නාඩු සම්බා නෑ මල්ලේ පිරෙන්නේ..
රතු කැකුළුයි හැමදා ගෙයි ඉදෙන්නේ..
රස්නෙට බතට මැල්ලුම් පොල් වැටෙන්නේ..
පුරුදු රහට වේලක් බත් බුදින්නේ....

නෙළයි කලට වත්තේ දළු අපෙ අම්මා..
කපයි යසට කිරි රබරේ නැත නිම්මා ..
නෙළුවෙත් ගොයම් යායෙම මගෙ බුදු අම්මා..
වැව්වෙත් හේන් සටනක වැද ඒ අම්මා....

දන්නේ පොතේ අකුරුය ඈ ඒ කාලේ..
පෙන්නුවෙ මෙමට හෙට දවසට ආලෝකේ..
නොම අඩු කළේ පොත පතටයි ඈ ලීලේ ..
මතුලේ උගනින්න දවසේ හැම වේලේ....

දවසම ගෙවා මහ පොළවේ ඈ හැප්පී ..
එයි ගොම්මනේ කොස් ගෙඩියකි හිසෙ පිප්පී..
තම්බයි වරෙක රස වෙයි කිරි රස හෙරළී ..
වැලි කොස් ඇටයි මැල්ලුම් කොස් කෑ පෙරළී....

කුප්පියෙ තෙලින් නටනා ගිනි සිළු එළියේ..
රටා වැටෙයි පන් පැදුරට සුරතින් සිරි සිරියේ..
නිමක් නැති වෙහෙස නෙත් සිව් පිස නිදි වැරුවේ..
හඬනා හැඬුම් නොහඬා දෙනෙතින් බාලේ....

දොළ දියේ නටන මාලුන් හා කතාවේ..
සෝදන කන්ද රෙදි පාමුල ලතාවේ..
පෙණැති සබන් ලූයේ මා මුලාවේ..
පට්ටා නැඟී අල්ලේ වේදනාවේ....

දුන්නේ දනු යි හිත් පහදා සලාකෙ දා
වැන්දේ බුදුන් ගෙයි මැදුරේ නොවරද්දා..
ඇන්දේ චීත්තෙයි දිය වුණු මල් සෝදා..
බැන්දේ පුවක සරි කොණ්ඩේ හවරි නොදා..

ආසයි අම්මේ ආසයි යන්නට ආයේ
නුඹ හා කියව කියවා ඉන්නට ආයේ
තුරුලේ වෙලී උණුහුම් වන්නට ආයේ
එන්නද අම්මෙ මදු මල් පිපෙනා පාරේ....

වීනස්ගේ උපත

වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි ============================== "ඉතිරිව තිබුණේ ආලය කිරීමය; නැති නම් අරගල කිරීමය.මගේ අවාසනාවට මා තෝරාගෙන...