Monday, September 18, 2017

චමත්කාරා

    චමත්කාරා....
===============

සුවඳ දිගේ දුවන වුන්ට නුඹ නොපෙනෙන සඳ
පාට සොයා ගාටන නෙත් නොදකින නුඹෙ රුව
සමනල ගී ඇසෙන නුඹේ වතේ කොමල   බව
ගඳපානා ගාලේ  දිව්ව උනුයි දන්නෙ රඟ

එක පොකුරට හිනැහෙන මල් කැකුලියො පිරිවර
පාට කොහෙන් තවරා ගෙන අතු අග ඔච්චම
කැලෑ මලේ නුඹේ රුවට වසග නයන යුග
කියඹු ලතාවේ අතුරා සුරඟන සිහිනෙක


වන බඹරුන්ගේ මියැසිය නුඹට ගැයෙන සඳ 
ඕවිටියේ වන වඳුලේ  සැඟවෙන නුඹෙ වත 
වන අරණේ අරුමැසි රැජිනියයි රුවැති  නුඹ 
ගඳපානා ගාලේ දිව්ව උනුයි දන්නෙ වග....

සුමුදු අමරසේකර (19.09.2017)..✒️











No comments:

වීනස්ගේ උපත

වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි ============================== "ඉතිරිව තිබුණේ ආලය කිරීමය; නැති නම් අරගල කිරීමය.මගේ අවාසනාවට මා තෝරාගෙන...